Body wash එකක් භාවිතා කල යුත්තේ ඇයි?

25-Mar-2022

වෙහෙසකාරී දවසක් අවසන් කිරීමට හොඳම සහ සෞම්‍යම ක්‍රමය වෙන්නේ ඇඟ සෝදා ගැනීමයි. දවස පුරා ගතේ තැවරුණු කුණු දූවිලි, ගතට දැමූ දහදිය සෝදා හැරීමෙන් ගතට සුවදායි බවක් ලබා ගන්න පුලුවන්. සබන් සහ බොඩි වොෂ් යන දෙකෙන්ම කරන්නේ සිරුර මත ඇති අපිරිසිඳු ද්‍රව්‍ය ඉවත් කිරීමයි. දහඩිය, විෂබීජ සහ දූවිලි ශරීරයේ ස්වාභාවික තෙල් සමඟ මිශ්‍ර වී සම මත තැන්පත් වෙනවා. මෙහිදී සම මත බැක්ටීරියා වර්ධනය වී සමේ රෝග හට ගන්නවා. සබන් සහ බොඩි වොෂ් මෙම තෙල් සහිත තට්ටුව බිඳ දමා සම පිරිසිඳු කරන්න සමත් වෙනවා. නමුත් බොඩි වොෂ් වල සුවිශේෂී වෙනසක් තිබෙනවා. සමේ රෝග වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වන අමුද්‍රව්‍ය මිශ්‍රණයක් බොඩි වොෂ් වල අඩංගු වීම මෙම වෙනසයි. 

 

සම පිරිසිඳු කරවනවාට අමතරව සමේ වියලි බව, සිදුරු වැසී යාම සහ සම රැලි වැටීම වැනි ගැටලු රැසක් සමනය කරන්න බොඩි වොෂ් සමත් වෙනවා. සම සේදන අතරතුරේ සමේ තෙතමනය රැක ගන්නවා. ඔබේ සම වියළියි නම් ස්නානය කිරීමෙන් අනතුරුව මේ වියළි බව තවත් ඉස්මතු වෙනවා. සමේ වතුර වේලී ගිය පසුව සමේ ඉරිතැළුණු ගතියක් මතු වෙනවා. මෙන්න මේ ගැටලුව විසඳා ගන්න බොඩි වොෂ් එකකින් අපූරු සහායක් ලැබෙනවා.  

 

සබන් වලට සාපේක්ෂව බොඩි වොෂ් එකකින් පෙණ බහුල පිරිසිඳු කිරීමේ අත්දැකීමක් ලබාගන්න පුළුවන්. සබන් වලින් ඇඟ සෝදනවාට වඩා බොඩි වොෂ් භාවිතා කර ඇඟ සෝදා ගැනීම වඩාත් විනෝදජනක අත්දැකීමක් වන්නේ මේ පෙණ බහුල ස්වභාවය නිසයි. බොඩි වොෂ් බෝතලයෙන් ස්වල්පයක් මිරිකා ගත්තද පෙණ විශාල ප්‍රමාණයක් ලැබෙන එක තවත් වාසියක්. මේ නිසා බොඩි වොෂ් භාවිතය වඩාත් ලාභදායී. 

 

බොඩි වොෂ් එකක් භාවිතා කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම ලූෆා එකක් භාවිතා කරනවා. ලූෆා එක භාවිතා කරල සමෙහි බොඩි වොෂ් ආලේප කිරීමෙන් ඔබ නොසිතන තවත් ප්‍රයෝජනයක් හිමි වෙනවා. ඒ තමයි ඔබගේ සමේ තියෙන මැරුණු සෛල දිනපතා හොඳින් ඉවත් වී යාම.

 

ඔබ නිතර නිතර ගමන් යන කෙනෙක් නම් සබන් වලට වඩා බොඩි වොෂ් තමයි ඔබට ගැලපෙන්නෙ. තෙත් වූ සබන් කැබැල්ලක් ගමන් බිමන් රැගෙන යාම හරිම අපහසුවක්. එහෙමත් නැත්නම් ඔබට සිද්ධ වෙනවා පාවිච්චි කළ සබන් කැබැල්ල ඔබ ගිය තැනක දමා එන්න. එය මුදල් නාස්තියක්. හැබැයි බොඩි වොෂ් බෝතලයක් ඕනෑම තැනක පහසුවෙන් ගෙන යන්න පුළුවන්.

 

ඔබ ගෙදර ඉන්න සාමාජිකයන් ගණනටම සබන් මිලදී ගන්නවාද? එහෙම නැත්තම් හැමෝම ගාන්නේ එකම සබන් කැබැල්ලක්ද? හවුලේ සබන් භාවිතා කිරීම නිසා බැක්ටීරියා පැතිරීමෙන් සමේ ආසාදන හට ගන්න පුලුවන්. මේ නිසා ඔබ සබන් භාවිතා කරනවා නම් ඔබ සඳහා වෙනමම සබන් කැබැල්ලක් තබා ගත යුතු වෙනවා. හැබැයි ඔබ භාවිතා කරන්නේ බොඩි වොෂ් නම් මේ අපහසුකම් පැණ නඟින්නේ නැහැ. පවුලේ හැමෝටම කිසිම සෞඛ්‍ය අවදානමක් නැතුව බොඩි වොෂ් බෝතලය හවුලේ පාවිච්චි කරන්න පුලුවන්.

 

ඉතින් මේ කරුණු කාරණා සැලකිල්ලට ගෙන වෙල්වට් තීරණය කරලා තියෙනවා ඔබට අලුත්ම බොඩි වොෂ් තුනක් හඳුන්වලා දෙන්න.

 

සමේ තෙතමනය ආරක්ෂා කර දෙන Hydraboost තාක්ෂණයෙන් බල ගන්වා ඇති, ගත පුරා තැවරෙන සුමුදු සුවඳකින් සමන්විත මේ නවතම වෙල්වට් බොඩි වොෂ් වල විටමින් සපිරි සමට හිතකර අමුද්‍රව්‍ය රැසක සාරය අඩංගුයි. 

  • සමේ වයස්ගත ලක්ෂණ මකා දමන්නට සමත් වන Black Orchid සහ සමේ අපද්‍රව්‍ය සහ මැරුණු සම මෘදුව ඉවත් කරන්නට සමත් වන වද මල් (Hibiscus) සාරය මේ බොඩි වොෂ් එකේ අඩංගුයි.
  • සම පෝෂණය කරන්නටත්, සමට තෙතමනය සපයන්නටත් සමත් වන Wild rose සහ සමට සිදු වන හානි වලක්වන ප්‍රතිඔක්සිකාරක වලින් අනූන Cherry Blossom සාරය මේ බොඩි වොෂ් එකේ අඩංගුයි.
  • සමට සිදු වන හානි වලක්වන, සුමුදු සුවඳකින් අනූන Vanila සහ සමේ තෙතමනය ආරක්ෂා කරන Shea butter සාරය මේ බොඩි වොෂ් එකේ අඩංගුයි.

source : Link