මේ කාලේ ඔබේ සමේ වියළි ගතිය වැඩි වෙලාද?

22-Oct-2021

මේ කාලය අපි හැමෝටම වගේ ටිකක් දුෂ්කර කාලයක්. කොවිඩ් වසංගතය නිසා අපි හැමෝගෙම ජීවන රටාව වෙනස් වෙලා. වෙනදාට වඩා අත් හෝදන්න, නිතරම වගේ සැනිටයිසර් පාවිච්චි කරන්න අපි පුරුදු වුනා. මේ එක්කම පැන නැඟුනු අලුත්ම ප්‍රශ්නය තමයි සමේ වියළි බව. විශේෂයෙන්ම දෑත් වල සම වෙනදාට වඩා රළු සහ වියළි වී ඇති බව හැම කෙනෙක්ම වගේ නගන මැසිවිල්ලක්. සමේ වියළි බව නිසා සමේ සුන්දරත්වය අහිමි වන බැවින් එය කෙනෙකුගේ ආත්ම අභිමානයට, සමාජ ජීවිතයට සහ මානසික තෘප්තියටද බලපාන්නට ඉඩ තියෙනවා.  

ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි සැනිටයිසර් නිසා විශබීජ හොඳින් විනාශ වෙනවා තමයි. හැබැයි සමේ තියෙන මෘදු සහ සිනිඳු ගතිය මෙයින් අඩු වෙලා යනවා. ඒ වගේම තමයි නිතර නිතර අත් හෝදද්දි සමේ තියෙන ස්වභාවික තෙල් ගතියත් ඉවත් වෙලා යනවා. අපි දවසක් තුල වෙලඳසැල් කීපයකට යනවා නම්, ඒ හැම වතාවෙම අපේ දෑත් පිරිසිඳු කර ගන්නවා. වෙලඳසැල් ඉදිරිපස තියලා තියෙන ඕනෙම සබන් වර්ගයක් පැකිලීමක් නැතුව පාවිච්චි කරන්න අපි පෙලඹෙනවා. හැබැයි මේ සබන් වල ගුණත්වය, සමට හිතකර බව ගැන අපි හරියටම දන්නේ නැහැ නේද?

අප භාවිතා කරන තත්වයෙන් සහ ගුණත්වයෙන් පහල පිරිසිඳුකාරක වර්ග සෘජුවම සමේ වියළි බවට බලපානවා. ඇතැම් සබන් වර්ග සමේ වියළි බව වර්ධනය කරවන්නත්, සමේ සෞඛ්‍යය පහළ දමන්නත් හේතු වෙනවා. 

මේ ගැටලුව ඇති වන ආකාරය දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වේවි. මිනිස් සිරුරේ විශාලතම ඉන්ද්‍රිය සමයි. සම නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රෝටීන්, කෙරටීන් සහ ලිපිඩ වලින්. වෛරසයන්ගෙන් සිරුර ආරක්ෂා කරන්නත්, සිරුරේ උණුසුම පාලනය කරන්නත් සම සමත් වෙනවා. රුධිර වාහිනී ඇතුල් සමට තෙතමනය සපයන අතර, එම තෙතමනය උඩු සම වෙතද පැතිරී යනවා. ශක්තිමත් කෙරටීන් සහ ලිපිඩ තට්ටුව බාධකයක් ලෙස ක්‍රියා කරන අතර ජලය වාෂ්ප වී යාම වලක්වාලයි. නමුත් සමට අහිතකර සබන් වර්ග භාවිතයෙන් සම මතුපිට ඇති කෙරටීන් සහ ලිපිඩ ලේයරයට හානි විය හැක. සමේ තෙතමනය නැති වී යන්නට මෙය හේතුවක් වෙනවා. සමේ වියළි බව ඇති වෙන්න මෙය හේතු වෙනවා. ඒ වගේම සමේ නම්‍යතාවය නැති වී, අඳුරු වෙනවා.

මේ නිසා සබන්, සබන් දියර ආදිය තෝරා ගැනීමේදී සමට අහිතකර නොවන ඒවා තෝරා ගත යුතුයි.

ඉතින් මේ ගැටලුව සලකා බලන ලද Velvet මෙයට අපූරු විසඳුමක් ඉදිරිපත් කරලා තියෙනවා.

Velvet සබන් කියලා කියන්නේ එදා ඉඳන්ම ඔබේ සමෙහි රැකවරණය ගැන කොයි කාටත් වඩා අවධානය යොමු කරපු ශ්‍රී ලංකාවේ අංක එකේ රූපලාවණ්‍ය සබන් වෙළඳ නාමයයි. ඉතින් Velvet  විසින් hydro soft තාක්ෂණය මුසු කල සබන් හඳුන්වා දෙමින් සම වියලීමේ ගැටලුවට අපූරු උත්තරයක් හොයාගෙන තියෙනවා. hydro soft තාක්ෂණයේදී සිදු කරන්නේ සේදීමෙන් අනතුරුව සම මතු පිට ආරක්ෂක ආවරණයක් තනා සමේ ඇති තෙතමය ඉවත් වීමට ඇති ඉඩ කඩ ඇහිරීමයි. ඒ වෙනුවට සම තුලට තෙතමනය කාන්දු වී එහි එක රැස් වීම මඟින් මතුපිට සමෙහි වියළි බවද ඉවත් කර දමනවා. සමේ වියළි වූ ස්ථාන නැවත යථා තත්වයට පත් කර සිනිඳු, මෘදු සහ තරුණ පෙනුමක් සමට එකතු කරනවා.

 

ඒ විතරක් නෙවෙයි Velvet සබන් සමට හිතකර බවට සායනික පරීක්ෂණ වලින් තහවුරු වෙලත් තියෙනවා. පැරබීන් වැනි අහිතකර අමුද්‍රව්‍ය අඩංගු නොවන Velvet සමෙහි කිසිදු ආසාදනයක් ඇති කිරීමට හේතු නොවන බවත් සායනිකව සනාථ වෙලා තියෙනවා. Velvet නිෂ්පාදනයේදී ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (International Fragrance Association) විසින් අනුමත කරන ලද සුවඳකාරක පමණක් යොදා ගෙන ඇති අතර, සමට හිතකර බව සනාථ කර ඇත.

මීට අමතරව සැර හිරු එලියට නිරාවරණය නොවීම, සමබල ආහාර වේලක් ලබා ගැනීම, තත්වයෙන් උසස් මොයිස්චරයිස් ක්‍රීම් එකක් භාවිතා කිරීම, උණු වතුරෙන් නිතර ස්නානය නොකිරීම වැනි දෑද අනුගමනය කරන්න. එවිට ඔබ බලාපොරොත්තු වන සුමුදු , නිරෝගී සම ඔබට ලබා ගත හැකියි.